කොරෝනා ආසාදිතව සිට රෝහල් ගත කළ නැවියන් 19 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිට වෙයි

මැයි 12, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් නැවියන් 19 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.

ඒ අනුව නාවික හමුදා මහ රෝහලෙන් පුද්ගලයින් 14 දෙනෙකු ද , ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සහ හෝමාගම රෝහලෙන් දෙදෙනෙකු බැගින් සහ වැලිකන්ද රෝහලෙන් එක්   පුද්ගලයෙකු  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇත.

සුව වූ මුළු නැවියන්ගේ සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් තිබේ.