නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 8,099 පිටව ගොස් ඇති අතර තවත් 3,444 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී

මැයි 14, 2020

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් බදාදා (මැයි 13) දින වන විට පුද්ගලයින් 8,099 ක් සිය නිවෙස් බලා  පිටව  ගොස් ඇති බව වාර්තා වේ.

COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 40 ක පුද්ගලයින්  3,444 ක් තවමත් නිරෝධායනය ක්‍රියාවලිය යටතේ සිටී.