ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂාව අධීක්ෂණය කිරීමේ සංචාරයක

මැයි 14, 2020

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිවිධ හමුදාව අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මැයි 12 සහ 13 යන දෙදින තුල යාපනය අර්ධද්වීපයේ සියලුම ත්‍රිවිධ හමුදා කදවුරු වල සංචාරයක නිරත විය.

කාර්ය සාධක බලකා සාමාජිකයින්ගේ මෙම සංචාරයේ අරමුණ වූයේ සියලුම හමුදා කදවුරු පරීක්ෂා කිරීම සහ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සෘජුවම කැපවී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා දීමයි.

අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් සහ ආචාර්ය කපිල ජයරත්න යන අය මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වේ.