විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් 350 ක් අද මාලදිවයිනේ සිට මෙරටට පැමිණේ

මැයි 14, 2020


විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මාලදිවයිනේ සිට අද (මැයි 14) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට  පැමිණීමට නියමිතය.

පුද්ගලයින් 350 දෙනෙකු පැමිණීමට නියමිත බව COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව පැමිණෙන සියලු දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරවනු ලැබේ.