නාවික හමුදාව විසින් ආර්.පී.ජී., මෝටාර් සහ අත් බෝම්බ සොයා ගනී

මැයි 14, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 12) දින  ඉරණමඩු චලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී RPG බෝම්බ, මෝටාර් බෝම්බ සහ අත් බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.

උතුරු නාවික විධානය විසින් වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී  මිලිමීටර් 81 මෝටාර් බෝම්බ 3 ක්, අත් බෝම්බ 3ක්  සහ ආර්.පී.ජී. බෝම්බ 05ක් සොයාගන්නා ලදී. දැඩි ලෙස මල බැදී තිබු මෙම බෝම්බ නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය නිෂ්ක්‍රිය කරන ලදී