වැලිසර නාවික හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගන්නා බාහිර රෝගීන් හට රජයේ රෝහල් මඟින් පහසුකම් සැලසේ .

මැයි 14, 2020

වැලිසර නාවික හමුදා මහ රෝහලේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රතිකාර ලබමින්  සිටී. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිතිපතා නාවික හමුදා මහ රෝහල වෙත පැමිණෙන ඔවුන්ගේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය පහසුකම් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගැනීම සඳහා අද (මැයි 14) දින සිට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

නව විධිවිධානයන්ට අනුව විශ්‍රාමික හා සේවයේ නියුතු නාවික හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හා සිවිල් සේවකයින්ට මෙම පහසුකම් සැලසෙනු ඇත. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ වෙතින් ඖෂධ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත මෑතකදී ලබා දුන් බෙහෙත් වට්ටෝරු සමඟ අදාළ පවුල් ප්‍රතිකාර වාර්තා පොත් ලබා දිය යුතුය.