කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකයි

මැයි 14, 2020

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර, සෙසු දිස්ත්‍රික්ක වලට මැයි 16 දින දක්වා දිනපතා රාත්‍රී 8.00  සිට අළුයම 5.00  දක්වා ඇඳිරි නීතිය පැනවේ.

දිවයින පුරා මැයි 17 දින පැනවෙන ඇදිරි නීතිය මැයි 18 සදුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00  සිට අළුයම 5.00  දක්වා පමණි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය පිළිවෙත්, මාර්ගෝපදේශ සහ නිවේදනවල සදහන් කරුණු සෑම විටම පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.