රෝගීන් 445 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වේ

මැයි 14, 2020

නවතම වාර්තාවලට අනුව කොරොනා වෛරසය  අසාදිත වූ රෝගීන් 445 දෙනෙකු සුවය ලබා අද (මැයි 14) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, කොරොනා  වෛරසය අසාදිත රෝගීන් 462  දෙනෙකු තවමත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටිති.

මීට අමතරව, දිවයින පුරා   කොරොනා  වෛරසය අසාදිත රෝගීන් 916  ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වලට අනුව, පීසීආර් පරීක්ෂණ 889 ක් ඊයේ දින  සිදු කර ඇති අතර එහිදී  රෝගීන් 26 දෙනෙකුට  වෛරසය අසාදිත  බව හඳුනාගෙන ඇත.