ඊයේ දින සුවය ලැබූ නැවියන් 59 දෙනා සමඟ,සුව වූ මුළු සංඛ්‍යාව 121 දක්වා ඉහළට

මැයි 14, 2020

කොරොනා   වෛරස් ආසාදිත වූ  නැවියන් 59 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා   පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව   ඊයේ (13) දින  රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව ඔවුන්ගෙන් 44 දෙනෙකු වැලිසර  නාවික හමුදා මහ රෝහලෙන් මුදා හැර ඇති අතර අනෙක් අය රට පුරා පිහිටි COVID-19 සදහා  ප්‍රතිකාර ලබා දෙන  රජයේ රෝහල්වලින් ය. එලෙස සුව වූ  නැවියන් දින 14 ක නිරෝධායන කාලයක් සඳහා යොමු කරන ලදී.

ඒ අනුව සුවය ලැබූ  මුළු නැවියන්ගේ සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් තිබේ.