ජනාධිපතිවරයා සිය තෙමසක වැටුප COVID-19 අරමුදලට භාර දෙයි

මැයි 15, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය මාස තුනක වැටුප වන රුපියල් 292,500.00 ක් ඊයේ (මැයි 14) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල’ වෙත භාර දී තිබේ.    

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් ඊයේ ජනාධිපතිවරයාගෙන් ඊට අදාළ චෙක්පත ලබා ගන්නා ලදි.