නිරෝධායනය වු පුද්ගලයින් 179 දෙනෙකු වන්නි හි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

මැයි 15, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වන්නි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක කාලයක්  නිරෝධායන වූ පුද්ගලයින් 179 දෙනෙකු සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසුව අද (15) දින සිය නිවෙස් වෙත යවා ඇත.   

ඔවුන් සිය නිවෙස්වල තවදුරටත් ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස උපදෙස් දී ඇත.