වැලිසරින් හෙරොයින් කිලෝ 226 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

මැයි 15, 2020

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව වැලිසර  නුගගහවත්ත මාර්ගයේදී  හෙරොයින් කිලෝග්‍රෑම් 226 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සුඛෝපභෝගී වාහනයක් සහ කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.