නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් 162 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 15, 2020

ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලදී  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරන ලද නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් 162 දෙනෙකු ඊයේ (මැයි 14) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

සිදු කල වෛද්‍ය පරික්ෂනයන්හිදී ඔවුන් හට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ අතර ඒ බව සදහන් නිරෝධායන සහතිකය නාවික බලධාරීන් විසින් ඔවුන් වෙත ලබා දී ඇති අතර, එම සියලු දෙනා තම නිවෙස්හිදී තවත් දින 14 ක ස්වයං නිරෝධායනයක් සඳහා යොමු වනු ඇත.

ඊයේ දින නිරෝධායනය අවසන් කර පිටව ගිය පිරිසත් සමග නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් බොහෝ ප්‍රමාණයක් මේ වන විට නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.