නාවික හමුදාව කැළණි ගඟ හරහා ඉදිකරන ලද කෘතීම ලවණ බාධකය ඉවත් කරයි

මැයි 15, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඹතලේ ප්‍රදේශයේ කැළණි ගඟ හරහා ඉදිකර තිබු ලවණ බාධකය ඊයේ (මැයි 14) දින විවෘත කළේය.

වියළි කාලය තුළ කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදු ජල අවශ්‍යතාවය සපුරාලීමේ ක්‍රියාවලිය නොනවත්වා  පවත්වාගෙන යාමට කැළණි ගඟට මුහුදු  ජලය ඇතුළු වීම වැළැක්වීම සඳහා තාවකාලික පියවරක් ලෙස ලුණු ලවණ බාධකය ඉදිකරන ලදි.

කලාපයේ අවට පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇතිවීමට පෙර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් වැලි කොට්ට යොදා කෘතිමව සකස් කරන ලද බාධකයක් ඉවත් කර ජලය සුමටව ගලායාමට ඉඩ සලස්වන ලදී.