ගංවතුර තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදාව සූදානමින්

මැයි 16, 2020

රට පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අවදානම් සහිත ප්‍රදේශවල සිය සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.

ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ හදුනා ගනිමින් නාවික හමුදාව සිය සහන සැළසීමේ කණ්ඩායම් දකුණු හා සබරගමුව පළාත්වල රත්නපුර, නාගොඩ, උඩුගම සහ තවලම යන  ප්‍රදේශවල ස්ථානගත කර තිබේ.