ඊලාම් පිළිබදව සදහන් කර ඇති සංචාරක ප්‍රශ්නාවලිය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකාව ලන්ඩන් ගාඩියන් වෙතින් ඉල්ලා සිටී

මැයි 16, 2020

ලන්ඩන් ගාඩියන් වෙබ් සංස්කරණයේ සංචාරක ප්‍රශ්නාවලියෙහි ඊලාම් යන වචනය ඉවත් කරන ලෙස රජය  පුවත්පතට දැනුම් දී තිබේ.

මෙම තොරතුරු වල සාවද්‍යතාවය පිළිබඳව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන ගාඩියන් පුවත්පතේ කතුවරයාට ලිපියක් යවමින් එහි අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2020 මැයි මස 15 වන සිකුරාදා දින එක්සත් රාජධානියේ ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කර ඇති  “Travel quiz: do you know your islands, Man Friday?” යන මැයෙන් වූ ප්‍රශ්නාවලියකට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත්.දෙවන ප්‍රශ්නයෙන් කියවෙන ‘ඊලාම්’ යනු ජනප්‍රිය නිවාඩු දිවයින සඳහා වන ස්වදේශීය නාමයක් යනුවෙන් බවත්ය.

අමාත්‍යාංශයේ නිවේදනයට අනුව, මෙම ප්‍රශ්නයට පිළිතුරු අතර, ශ්‍රී ලංකාව තේරීම් වලින් එකක් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, යමෙකු පිළිතුරක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නා විට, එය නිවැරදි පිළිතුර ලෙස දක්වමින්, ‘දිවයිනේ මෑත කාලීන හමුදා කැරැල්ලේ සම්පූර්ණ නාමය LTTE - දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය’යන්න වැඩි විස්තරයක් ලෙස එහි දිස්වෙයි.