102 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි.

මැයි 17, 2020

නිරෝධායනයකට ලක් වූ සිවිල් වැසියන් 102 දෙනෙකු ඊයේ (මැයි 16) දින ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන්  මීයන්කුලම, මින්නේරිය, අම්පාර සහ නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා වූ  නිරෝධායන මධ්‍යස්ථානවලදී  නිරෝධායනයට ලක් වී ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවයාමට පෙර ඔවුන් අවසන් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කරන ලද අතර ඔවුන් වෙත නිරෝධායන සහතික ලබා දෙන ලදී.