පුද්ගලයන් 9,374 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කරයි

මැයි 17, 2020

සෙනසුරාදා (මැයි 16) දින ලද අලුත්ම වාර්තාවන්ට අනුව පුද්ගලයින් 9,374 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.

මේ අතර, දිවයින පුරා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු  ලබන නිරෝධායන මධ්‍යස්ථාන 32 ක පුද්ගලයන් 2,734 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.