නැවත මෙරටට පැමිණීම සදහා ඉල්ලුම් කිරීමට පෙර පවතින තත්වය පිළිබද සිතා බලන ලෙස විදේශ ලේකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි

මැයි 17, 2020

    •    ශ්‍රී ලංකාව ට පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව   සලකාබලන්න

    •    ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු මෙරටට  පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වේ
 
බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට  සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ   සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

සති දෙකකට පෙර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රය අනුගමනය කරමින් රජයේ ප්‍රමුඛතාවය වන්නේ කොරොනා  වෛරස් වසංගතය හේතුවෙන් විදේශයන්හි සෞඛ්‍ය පහසුකම්   නොමැති වීම හේතුවෙන් සැබවින්ම සහාය අවශ්‍ය වන සංක්‍රමණික සේවක කාණ්ඩය නැවත ගෙන්වා ගැනීමයි.

විදේශ ලේකම් රාවිනාථ ආර්යසිංහ   ඊයේ (මැයි 16) දින එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා රූපවාහිණි   ‘නිව්ස් ඇට් 9’  පුවත් විකාශය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.