ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සිය කාර්යාලීය වැඩ අරඹයි

මැයි 27, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (මැයි 27) උදෑසන සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව තම රාජකාරි අරඹන ලදී.

තවද 2019 වර්ෂ සඳහා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම ද එම ඒකකයේ සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.