58 දෙනෙක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යාමට නියමිතයි

ජුනි 01, 2020

පුද්ගලයින් 58 දෙනෙකු ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද (ජුනි 01) දින පිටත්ව යාමට නියමිතය.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයට අනුව, මෙම පුද්ගලයින්   ගන්නෝරුව, කුණ්ඩසාලේ  සහ බූස්ස යන ස්ථානවල සති තුනක නිරෝධායන කාලයක්  සම්පූර්ණ කර ඇත.

මේ අතර, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයට අනුව, ත්‍රිවිධ හමුදාව කළමණාකරනය කරන  නිරෝධායන මධ්‍යස්ථාන වලින්  පුද්ගලයින් 11,488 ක් නිරෝධායනය කර ඇත.

ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරන  නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ දිවයින පුරා මේ වනවිට පුද්ගලයින් 5,108 ක් නිරෝධායන වෙමින්  සිටී.