අවශ්‍යතා සහිත පවුලක් සඳහා යාපනය යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් තවත් නිවසක්

ජුනි 01, 2020

අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකළ තවත් එක් නිවසක් සදුදා (ජුනි 01) එහි හිමිකාරිය වෙත භාරදෙන ලදී.

මෙම නිවස චන්කානෙයි හි ජගතීස්වරන් අම්පිකාවතීගේ පවුල සඳහා ඉදිකර ඇත. සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන ලද සරල උත්සවයකදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ ආරාධනයෙන් එම අවස්ථාව සදහා සහභාගී වූ යාපනය දිසාපති කනපතිපිල්ලෙයි මහේෂන් විසින් ජේ.අම්පිකාවතී වෙත නිවසේ යතුර භාරදෙන ලදි.

රජයේ සහ පරිත්‍යාගශීලින් කිහිප දෙනෙකු විසින් සපයන ලද මුල්‍ය අරමුදල් මගින්, 513 බලසේනාවේ අධීක්ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා යාපනය සහකාර දිසාපති, යාපනය සහකාර දිසාපති (ඉඩම්), චන්කානෙයි ප්‍රාදේශීය ලේකම්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, බළසේනාධිපතිවරුන්, වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානාධිපති, යුද්ධ හමුදා සහ රාජ්‍ය නිළධාරින් සහභාගී වුහ.