ශ්‍රී ලංකා නාවික හමුදාව සිලාවතුර ප්‍රදේශයේදී බෝර තුවක්කුවක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගනී

ජුනි 01, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (මැයි 31) දින සිලාවතුර මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මිලිමීටර් 12 බෝර තුවක්කුවක් සමග 34 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිලාවතුර පොලිසිය සමඟ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකාර කාන්තාව වාසය කල නිවසේ තිබී මෙම තුවක්කුව සොයාගෙන තිබේ.

සිලාවතුර පොලිසිය මෙම සිදුවීම පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.