තවත් පුද්ගලයින් සුව වී නිවෙස් බලා පිටත් වේ - COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

ජුනි 08, 2020

අද (8) දින උදෑසන නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු පුද්ගලයින් 54 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.

ඔවුන්ගෙන් පස් දෙනෙකු ක්ලබ් ඩොල්ෆින් හා  49 දෙනෙකු රන්ටැඹේ හි නිරෝධායනය වී  ඇති බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පැවසුවේය.

“පීසීආර් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ඔවුන්ට  නිරෝධායන සහතික නිකුත් කරන ලදී,” හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

ත්‍රිවිධ හමුදාව මගින්  පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථානවලින්  නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ පුද්ගලයින් 12,235 දෙනෙකු ජුනි 8 දින වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව ඔහු පැවසීය.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 5,282 ක් නිරෝධායනය වෙමින්  සිටී.