හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

ජුනි 09, 2020

පසුගිය පැය 24 තුළ ගාල්ල, නුගේගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී  හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල, පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 39 ක් වන සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 520 ක් හා මිලිග්‍රෑම් 20 ක ප්‍රමාණයක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

තවද මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් 31 හැවිරිදි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 11 ක් හා මිලිග්‍රෑම් 540 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිසිය හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිග්‍රෑම් 200 ක් සමඟ තවත් සැකකරුවෙකු වටරප්පල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.