කොරෝනා වෛරසය ආසාදිත නාවිකයින් 173 දෙනෙකු රෝහල්හි ප්‍රතිකාර ලබා ගනිමින් සිටී - කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

ජුනි 14, 2020

කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකා නාවික හමුදා නැවියන් 173 දෙනෙකු තවදුරටත් රෝහල්හි ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

ඊයේ (ජුනි 13) වාර්තාවූ රෝගීන් සිව්දෙනා අතරින් එක් ආසාදිත නාවිකයෙකු වාර්තා වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිත නාවිකයින් සංඛ්‍යාව 877 දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව. මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයින් 704 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.