ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 712 දක්වා ඉහල යයි

ජුනි 15, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් 33 දෙනෙකු ඊයේ (ජුනි 14) දින රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 712 දක්වා ඉහල ගොස් ඇත.  

කාත්තන්කුඩි රෝහලෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු, හෝමාගම රෝහලෙන් 12 දෙනෙකු, ජාතික බෝවන් රෝග විද්‍යායතනයෙන් 07 දෙනෙකු, නාවික මහ රෝහලෙන් දෙදෙනෙකු, මිනුවන්ගොඩ රෝහලෙන් 08 දෙනෙකු සහ වැලිකන්ද රෝහලෙන් එක අයෙකුද සුවය ලබා පිටව ගොස් ඇති අතර තවද ඔවුන් සිය නිවෙස් හිදී දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් වේ.