උමා ඔය ව්‍යාපෘතියේ වැඩ කිරීම සදහා පැමිණෙන ඉරාන වැසියන් නිරෝධායනයට - NOCPCO

ජුනි 16, 2020

දැනට ක්‍රියාත්මක උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නියුක්ත වීම සදහා අද දින පැමිණෙන ඉරාන ජාතිකයින් පිරිස, එම ස්ථානයේ වැඩ ආරම්භ කිරීමට පෙර නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරෙනු  ඇත.

කොවිඩ්-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව එම ඉරාන ජාතික සේවකයින් 85 දෙනෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන කරදගොල්ල විශේෂ නේවාසික නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවනු ලැබේ.