ඩුබායි සහ ඉන්දියාවේ සිට 360 දෙනෙකු දිවයිනට

ජුනි 17, 2020

ඩුබායිහි සිටි  291 ක් සහ ඉන්දියාවේ සිටි  69 කින් යුත් ශ්‍රී ලාංකිකයන් 360 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (ජූනි 17) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියහ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව, එම පිරිස  පැමිණීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් පසුව ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර ඇත.