පුද්ගලයන් 14,391 ක් මේ වන විට නිරෝධායනය සම්පූර්ණ කර ඇත

ජුනි 17, 2020

පුද්ගලයන් 14,391 දෙනෙකු නිරෝධායනය සම්පූර්ණ කර  ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව  කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන 40 ක පුද්ගලයින් 4,126 ක් නිරෝධායනය වෙමින්  සිටින බව  කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පැවසීය.

අඟහරුවාදා (ජුනි 16) දින හඳුනාගත් කොරෝනා වෛරස් රෝගීන් 10 දෙනා අතුරින්  4 දෙනෙකු ඉරාන ජාතිකයන් වන අතර ඉතිරි 6 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවියන් ය.