දේශීයව නිපදවන ලද බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ජුනි 18, 2020

දේශීයව නිපදවන ලද බෙහෙත් කොටන තුවක්කුවක් සමග 34 හැවිරිදි සැකකරුවෙකු මල්ලාවි පොලීසිය විසින් ඊයේ දින නට්ටකන්ඩාල් ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණ  කටයුතු සඳහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට අද (ජූනි 18) දින ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

මල්ලාවි පොලිසියට  ලැබුණු තොරතුරකට අනුව  සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරු මල්ලාවි, නට්ටකන්ඩාල් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

මල්ලාවි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.