පාතාල අපරාධකරුවන්ට සහාය දෙන බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගනු ඇත - ආරක්ෂක ලේකම්

ජුනි 18, 2020

•    දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.
•    බන්ධනාගාරවල පාතාල අපරාධකරුවන් සමඟ සම්බන්ධ නොවන්නැයි ඉල්ලා සිටි
•    බන්ධනාගාර වලින් ලබාගත් දුරකථන ඇමතුම් දහස් ගණනක් රාජ්‍ය බුද්ධි සේවය විශ්ලේෂණය කර ඇත
•    සියලුම සිරකරුවන්ට එක හා සමානව සලකන ලෙස  ඉල්ලා සිටී.

     

 

බන්ධනාගාරය තුල දුෂිත ක්‍රියා වලින් සහ සිරගෙවල්වල වරදකරුවන් වූ පාතාල අපරාධකරුවන්ට සහාය විමෙන් වැළකි සිටින ලෙසත් එවැනි නිලධාරින් පිළිබඳ නිතිය ක්‍රියත්මක කරන නිලධාරින් විසින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න බන්ධනාගාර නිලධාරීන්ට අනතුරු ඇඟවූවේය.   

“දූෂිත හා පාතාල අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් ඇති එවැනි බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව අපි දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත්තෙමු. එවැනි නිලධාරීන් පිළිබඳව අප දිගින් දිගටම විමර්ශන කරගෙන යනවිට අප වෙත දොස් නොපවරන්න,” යැයි පැවසු  ආරක්ෂක ලේකම්වරයා  මෙය තර්ජනයක් නොවන බවත් ගෞරවනීය ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කරන ලෙස කරනු ලබන ඉල්ලීමක් බවත් ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් ගුණරත්න  සිහිපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ නිලධාරීන් සහ මහජනතාව බන්ධනාගාර නිලධාරීන්ගෙන්  දූෂණයෙන් තොර ගෞරවනීය සේවාවක් අපේක්ෂා කරන බවයි.

පාතාල අපරාධකරුවන්ට හසු නොවී දූෂණයෙන් තොර බන්ධනාගාර පද්ධතියක් ඇති කිරීම සඳහා තමන්ගේ හෘදය සාක්ෂියට අනුව සේවය ඉටු කරන ලෙස, අද (ජූනි 18) දින  කොළඹ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“වෙලේ සුදා හෝ කන්ජිපානි ඉම්රාන් වැනි සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබාදුන් මුදල්වලින් ඔබේ දරුවන් පෝෂණය කර සහ අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් මරණ මංචකයෙදී පසුතැවිලි වීමට කිසි විටෙකත් ඉඩ නොතබන්න. ඒ පිළිබඳව ඔබේ විශ්‍රාම දිවියේදී ඔබ පසුතැවෙනු ඇත,” ඔහු පැවසිය .

අධිකරණ අමාත්‍යංශය යටතේ මෙම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුවද, දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල සිටින සිරකරුවන් 27,000 කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් දෙපාර්තමේන්තුවට අදාළ ගැටළු වලට සම්බන්ධ වීමට තමන්ට ද අයිතියක් ඇති බව ඔහු පැවසීය.

     

 

නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා රටේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජීවිත තර්ජන නොතකා විශේෂ කාර්යය බලකාය  ඇතුළු පොලිස් නිලධාරීන් අවදානම් ගනිමින් සිටින බව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මෙහිදී අනාගත පරපුරට අපරාධවලින් තොර ජීවිතයක් ගත කිරීම සඳහා නීත්‍යානුකූල පරිසරයක් නිර්මාණය කිරීම පිණිස විශාල වගකීමක් බන්ධනාගාරවලට ඇති බවයි.
.
“ඔබ අතර හොඳ නිලධාරීන් හා දූෂිත නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින බව මහජන මතයයි. ජනාධිපතිවරයා තේරී පත් වූ විට ඔහු මට කීවේ බන්ධනාගාරවල තත්වය ඉතා කණගාටුදායක බවත් පාතාල ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාරය තුළ සිට ක්‍රියාත්මක වන බවයි.” ඔහු ප්‍රකාශ කල අතර  බන්ධනාගාර වලින් ලබාගත් දුරකථන ඇමතුම් දහස් ගණනක් රාජ්‍ය බුද්ධි සේවය විශ්ලේෂණය කර ඇති බව ඔහු පැවසීය.

දූෂණයට සම්බන්ධ නොවී වැරදි  මාර්ග  නිවැරදි කිරිමට  බන්ධනාගාර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා  අතීතයේ ඔවුන් කළ වැරදි නිවැරදි කරමින් අඛණ්ඩව කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

 “අද වන විට මුළු බන්ධනාගාර පද්ධතියම රටේ සෑම තැනකම විවේචනයට ලක්ව තිබේ. රිමාන්ඩ් කරන ලද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු මාස කිහිපයකට පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට පැමිණේ නම්, පද්ධතියේ කොතැනක හෝ කුමක් හෝ වැරදි දෙයක් තිබේ. එය කාගේ වරදක්දැයි ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න. ඔබේ හදවත ඔබට පිළිතුරු දෙනු ඇත.” ගෞරවනීය හා ආඩම්බර වෘත්තියක සාමාජිකයෙකු ලෙස දිනක බන්ධනාගාර සේවයෙන් ඉවත් වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

මේ අතර, ආරක්ෂක ලේකම්වරයා සියලු රැඳවියන්ට එක හා සමානව සලකන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. “බන්ධනාගාරවල සිටින බහුතර සිරකරුවන් අහිංසකන් ය. සියලුම රැඳවියන්ට එක හා සමානව සැලකිය යුතුය. යමෙක් බිම අපහසුවෙන් නිදාගන්නා විට තවත් කෙනෙකුට සැප පහසු  මෙට්ටයක් මත නිදාගත නොහැක. ඔවුන්ගේ ගැටළු සොයා බලන්න, එවිට ඔවුන් ඔවුන්ගේ හදවතින්ම ඔබට ආදරය කිරීමට පටන් ගනී;” ඔහු පැවසීය.

අව්‍යාජ සේවයක් කරන නිලධාරීන් හට තර්ජන හා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය හැක. නමුත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සිටින  බැවින් කිසි විටෙකත් ආපසු හැරිය යුතු නැති බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  යන අය  සහභාගී වූහ.