යුද හමුදා නිලධාරීන් 71 දෙනෙකුට උසස්විම්

ජුනි 20, 2020

2020 ජුනි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 71 දෙනෙකුට උසස්වීම් ලැබී ඇති බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද (20) දින පැවසීය.

කර්නල්වරුන් 41 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරන ලද අතර ලුතිනන් කර්නල්වරුන් 30 දෙනෙකු කර්නල් තනතුරට උසස් කරන ලද බව ඔහු පැවසීිය