රණවිරුවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියෙන් සුභසාදන වැඩසටහන්

ජුනි 23, 2020

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී දිවිපිදු රණවිරුවකුගේ බිරිදක් වෙත සිය නිවස සදහා අවශ්‍ය විදුලිය ලබා ගැනීම සදහා රු.20650.00 ක් මුදලක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර විසින් පරිත්‍යාග කර ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් පසුගිය සිකුරාදා (ජුනි 19) පැවති කෙටි උත්සවයකදී  මියගිය කෝප්‍රල් කේ.ඒ.සී. ප්‍රියදර්ශනගේ බිරිද වන රඹෑව, බොරළුහින්න පදිංචි කුමාරි තිලකරත්න වෙත මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

මේ අතර, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කෘතිම අත් පා ලබා දීම සදහා චීනය රුපියල් මිලියන 2.7 ක මුදලක් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත.

තවද රණවිරු සේවා අධිකාරිය විසින් ආබාධිත ගුවන් හමුදා සාමාජිකයකු වන මෑතකදී තලාව ප්‍රදේශයේදී ස්වයං රැකියාවක් ආරම්භ කල නායක ගුවන් භට ටී.යු.එස්. කුමාර වෙත රුපියල් මිලියන 0.5 ක මුදලක් පරිත්‍යාග කරන ලදි.පසුගිය සිකුරාදා ඔහුගේ බොජුන්හල හා උත්සව භාණ්ඩ අළෙවි සැළ සුභ මොහොතින් විවෘත කිරීමේ අවස්ථාව සදහා  බ්‍රිගේඩියර් (විශ්‍රාමික) විජිත් සුබසිංහ ද  සහභාගී විය.