අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පේදුරුතුඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ

ජුලි 03, 2020

අයිස් (crystal methamphetamine) කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පේදුරුතුඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිත බව ඊයේ (02) පොලිසිය පැවසීය.

66 හැවිරිදි මෙම සැකකරු, වැල්වැටිතුරෙයි පදිංචිකරුවෙකු වන අතර, ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද විශේෂ වැටලීමකදී යාපනය පේදුරුතුඩුව නගරයේදී වෑන් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.