තොප්පිගල නිදහස් කරගෙන අදට (ජූලි 10) වසර 13 යි
ජුලි 10, 2020
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සොල්දාදුවන් විසින් නැගෙනහිර ප්‍රදේශයේ එල්ටීටීඊ බලයේ අවසානය සනිටුහන් කරමින් මුහුදු මට්ටමේ සිට අඩි 1,753 (මීටර 534) ක් උසින් පිහිටි විශාල පර්වතයක් වන බැරන්ස්කැප් සහ කුඩුම්බිමලෙයි ලෙසින් හැඳින්වෙන තොප්පිගල අල්ලා ගනු ලැබීය.
1990 වර්ෂයේ මැද භාගයේ සිට ඉතා ශක්තිමත් බංකර පද්ධති සහ කුඩා ප්‍රමාණයේ කඳවුරු කිහිපයක් මගින් එල්ටීටීඊ සංවිධානය සිය ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි බැවින් තොප්පිගල නිදහස් කරගැනීම කමාන්ඩෝ ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන්ට පහසු කාර්යක් නොවීය.
නරකමුල්ල සහ තොප්පිගල ප්‍රදේශයේ පැවති දරුණු සටන් වලදී කමාන්ඩෝ භටයන් 50 දෙනෙකු විසින් සියළුම බංකර විනාශ කර ත්රස්තවාදීන් ඝාතනය කිරීමෙන් පසු 2007 ජූලි 10 වන දින මුළු නැගෙනහිර භූමියම එල්ටීටීඊයෙන් නිදහස් කර ගනු ලැබීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ එවකට පැවති රජය, ත්‍රස්තවාදය රටින් මුලිනුපුටා දැමීම සඳහා එල්ටීටීඊ ආධිපත්‍යය බිඳදැමීමට සඳහා ආරක්ෂක හමුදා ක්‍රියාන්විත ඉදිරියට කරගෙන යාමට සහතික විය.
දැඩි හමුදා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට කරගෙන අඟලින් අඟල ඉදිරියට යමින් LTTE ආධිපත්‍ය බිඳ දැමීමේ ආරම්භය වසර ගණනාවකට පසු තොප්පිගල නිදහස් කරගැනීම තුලින් සංඛේතවත් කෙරිණ.
සබැඳි පුවත්
http://archives.dailynews.lk/