කළුතර බන්ධනාගාරය තුල හෙරොයින් ජාවාරම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ජුලි 15, 2020

කළුතර බන්ධනාගාරයේ තාප්පයට  ඉහළින් හෙරොයින් විසි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අඟහරුවාදා (ජූලි 15) කළුතර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්, චාජර් දෙකක්, හෙරොයින් ග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් සහ දුම්කොළ කොළ 19 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් 13 දෙනෙකු ද හෙරොයින් ග්‍රෑම් 13 කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.