නාවික හමුදාව, උතුරු මුහුදෙන් කේරළ ගංජා කිලෝ 164 ක් අල්ලා ගනී

ජුලි 17, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (16) දින යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සිදු කළ විශේෂ මෙහෙයුමකදී  රු. 180,000 වටිනා  කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 ක්  පුද්ගලයින් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත්  බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.

මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ සැකකටයුතු ඩිංගි බෝට්ටුවක්  නිරීක්ෂණයෙන්  පසු සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ඔහු පැවසීය. යාපනයේ සිට පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායට භාර දී තිබේ.

නාවික හමුදාවට අනුව පසුගිය මාස හත තුළ සිදුකරන ලද මෙහෙයුම් වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3,376 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා වෛරස්  ගෝලීය වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වූ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම්  සිදුකර ඇති බව ඔහු පැවසීය.