ඉතාලියේ ශ්‍රී ලංකා කම්කරුවන් සඳහා සහන

ජුලි 22, 2020

2020 ජුනි 01 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ‘සැනටෝරියා 2020’ වැඩසටහන යටතේ ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමා කාලය තුලින්  ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසකට සහන සැලසීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයන්ගෙන් ලියකියවිලි නොමැතිවීම සඳහා දඩ මුදල් අය නොකිරීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, අදාළ  ගාස්තු ද යුරෝ 330 සහ යුරෝ 420 සිට, යුරෝ 140 දක්වා අඩු කර ඇත.

කොරෝනා  වෛරස් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකා කම්කරුවන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.