PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 36 ක් COVID - 19 අරමුදලෙන්

ජුලි 25, 2020

අත්‍යවශ්‍ය PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය  වෙත  රු.  36,605,812.00 මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල විසින් වෙන් කර ඇත.

මෙම ප්‍රතිපාදන සම්බන්ධව මුදල් කළමනාකරණ කමිටු සභාපති සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි ලක්ෂ්මන් විසින් මුදල් වෙන් කරන ලද චෙක්පත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ වෙත  ඊයේ (24) දින භාර දුන්නේය.

මෙම වෙන් කළ මුදල්  PCR පරීක්ෂණ සහ සෞඛ්‍ය ආරක්ෂණ උපදේශන වැඩසටහන් පැවැත්වීම සඳහා යොදා ගැනේ.

විවිධ පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් COVID-19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,525  ඉක්මවා ගොස් ඇත.