පාතාල අපරාධකරුවකු වන 'එස්.එෆ්. ලොක්කා’ වෙඩි තබා ඝාතනය කරයි.

අගෝස්තු 05, 2020

පාතාල අපරාධකරවෙකු වන ඉරෝන් රණසිංහ (32) නොහොත් 'එස්.එෆ්. ලොක්කා' මීට සුළු   මොහොතකට පෙර අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තබා ඝාතනය  කර ඇති බව පොලිසිය පවසයි.

ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු ‘එස්.එෆ්. ලොක්කා’ ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමේදී මෝටර් රථයද  ගිනිගෙන ඇත.

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලකරු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් සනාථ කර ඇති අතර දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.