බේරූට් හි පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

අගෝස්තු 05, 2020

බේරූට් හි ඊයේ ඇති වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේය.

ඊයේ බේරූට් නගරයේ සිදු වූ මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති අතර 4,000 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා සිටී.

මෙම පිපිරීමෙන් පසු ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ නිවාසවලට ද සුළු හානි සිදු වී තිබේ.

තවද, පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන සේවාවක්ද ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලාංකිකයන් 25000 ක් පමණ දැනට ලෙබනනයේ වාසය කරයි.

මෙම සිදුවීමෙන් පසුව බදාදා සිට එරට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.