2020 මහ මැතිවරණය සාමකාමීව අවසන් වේ

අගෝස්තු 05, 2020

*         මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 29 ක්

ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව සඳහා වන අද සවස 5 ට අවසන් වූ මහ මැතිවරණය සාමකාමීව පැවැත්වුනු බව පොලිසිය පවසයි.

පොලීසියට අනුව මැතිවරණය නීති උල්ලංඝණය කිරීම් 29 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 34 දෙනෙකු සහ වාහන නවයක් අත්අඩංගුවට ගෙන තිබේ.

2020 මහ මැතිවරණය සඳහා වූ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ආරම්භ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පස්වරු 5.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන විවෘතව තිබුණි.

සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දිවයින පුරා මැතිවරණ රාජකාරි සඳහා පොලිස් ජංගම ඒකක 3,000 ක් සමඟ පොලිස් නිලධාරීන් 69,500 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.