බේරූට්හි පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට

අගෝස්තු 08, 2020

බේරූට්හි පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සබඳතා  අමාත්‍යාංශය ඊයේ දින (අගෝස්තු 07) පැවසීය.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනා මේ වන විට එරට රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය +961 5769585 දුරකථන අංකය සහ slemb.beirut@mfa.gov.lk විද්‍යුත් ලිපිනය හරහා පැය 24 පුරාම විමසීම් කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසා ඇත.