කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2,658 දක්වා ඉහළට

අගෝස්තු 15, 2020

කොරෝනා වෛරසයෙන් සුවය  ලබා තවත් රෝගීන් 12 දෙනෙකු  සිකුරාදා (14) රෝහල්වලින්  පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,658 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟ මුළු රෝගීන් සංඛ්‍යාව 2,886 දක්වා ඉහළ ගොස් තිබේ.

හඳුනාගත් රෝගීන් අතුරින් තිදෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) සහ එක් අයෙකු ජපානයේ සිට මෙරටට පැමිණ ඇත.