ඩුබායි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු මෙරටට

අගෝස්තු 16, 2020

ශ්‍රී ලාංකිකයින්  420 දෙනෙකු රැගත් EK 2528 එමිරේට්ස් ගුවන් යානය අද දින (අගෝස්තු 16) සවස  4.20 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බව  ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.

ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු defence.lk වෙත පැවසුවේ ඔවුන් පැමිණි  පසු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.