ආශ්වාසය මගින් භාවිතා කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී

අගෝස්තු 16, 2020

පසුගිය දිනක පාසල් ළමුන් අතර බෙදාහැර ඇති මත්ද්‍රව්‍ය ආශ්වාස කිරීමේ ජාවාරමක් පොලිසිය විසින් අල්ලා ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය සහිත නව ආග්‍රාහක උපකරණය  ශ්වසන ආබාධ සදහා වන උපකරණයක් ලෙස අලෙවි කරන බව ඔහු පැවසීය.

රුපියල් 15,000 ක මුදලකට සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් ආසන්නයේ අලෙවි කරනු ලබන මෙම ආශ්වාස උපකරණ පිළිබඳව දෙමාපියන් විසින් පොලිසියට දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න defence.lk වෙත පවසන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන්, විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මේ පිලිබදව විමසිලිමත් වන ලෙසත් ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙවැනි තොරතුරු සැපයීම සඳහා පොලීසිය විසින්  මහජනතාව සඳහා “1997” සහ “1917” යන කෙටි දුරකථන අංක සහ 1917@Police.lk යන ඊමේල් ලිපිනය ස්ථාපිත කර ඇත.

ඉදිරිපත් කරනු ලබන පැමිණිලිවල රහස්‍යභාවය සහතික කරන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.