පසුගිය දෙමස තුල බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවමින් 21 දෙනෙකුට ස්ථාන මාරු කිරීම්

අගෝස්තු 17, 2020

පසුගිය මාස දෙකක කාලය තුල බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති අතර තවත් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීම් වලට ලක් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන / පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක පැවසීය.

බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසුව බූස්ස, මීගමුව, වාරියපොල සහ බෝගම්බර යන බන්ධනාගාරවල නිලධාරීන් මේ ආකාරයට මාරු කර යවා තිබේ.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පසුගිය දා වෘත්තීකයින් පිරිසක් අමතමින් පවසා සිටියේ බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින  පාතාල අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳින වීඩියෝ සාක්ෂි තිබෙන බවයි.