ව්‍යාජ මුදල් නෝට්ටු බණ්ඩල් 128 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට

අගෝස්තු 18, 2020

කොළඹ මුල්ලේරියාව, ගල්වාන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (අගෝස්තු 17) සවස ව්‍යාජ මුදල් ලග තබා ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගේ ගමන් මල්ලේ වෙන වෙනම  අසුරා තිබු  මුදල් බණ්ඩල් 128 ක් අත්අඩංගුවට ගෙන ඇත. එක් එක් මිටියේ දෙපස රු. 5,000 මුදල් නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු 2 ක් උඩ සහ යට පෙනෙන ආකාරයට නෝට්ටු තබා ඇති බව පොලීසිය පවසයි.

ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 34, 36 සහ 42 හැවිරිදි සැකකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත ගෙන ගිය අතර මෙම ව්‍යාජ මෙම නෝට්ටු ප්‍රවාහනය කිරීමට භාවිතා කළ වාහනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අද (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.