දෝහා, ඩුබායි සහ එක්සත් රාජධානියේ සිටි ශ්‍රී ලාංකිකයින් 394 දෙනෙකු මෙරටට

අගෝස්තු 19, 2020

දෝහා කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 394 දෙනෙකු රැගත් කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 668 ගුවන් යානය අද දින (අගෝස්තු 19) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

එමිරේට්ස් ගුවන් සේවයට අයත්  EK 648 ගුවන් යානය මගින්  ඩුබායි සිට මගීන් 17 දෙනෙකු සහ එක්සත් රාජධානියේ සිට මගීන් 10 දෙනෙකු රැගත් UL 504 ශ්‍රී ලංකන් ගුවන් යානය අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.

නැවත මෙරටට පැමිණි සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කර ඇති අතරම ඔවුන්ගේ බඩු බාහිරාදියද  ගුවන්තොටුපලේදී විෂබීජහරණය කර ඇති බව ගුවන් තොටුපල බලධාරීන් විසින් සනාථ කර ඇත.